Tuesday, February 3, 2015 | By: රස්තියාදුකාරයා

මිතුරියට

කාලෙකට පස්සෙ මට ලියන්න හම්බුනා ඔන්න..මම මගේ පරණ fb account එකේ msg බලද්දි මම දැකපු එක msg එකකින් මගේ මතකෙ අලුත් උනා..කාලයක් මගේ පණ වගේ හිටපු මගේ යාලුවා.එයා එක්ක මම පැය ගනන් chat කළා.ඒත් අද අපි ගොඩාක් දුර ගිහින්..අපේ යාලුකම් නැතිවෙලා..එදා යාලුකම වෙනුවට වෛරයක් අද මගේ හිතේ තියෙන්නෙ..මමද වැරදි??ඔයාද වැරදි?..අපි දෙන්නම වැරදි.කමක් නෑ උන දේ උනා.ආයෙ යාලුකම් ඕන නෑ..ඒත් අපේ මතාකෙට තාම ආදරේ..

මේක ලීවෙ ඇයි මංදා..ඒත ඔහෙ ලීවා.

Wednesday, January 7, 2015 | By: රස්තියාදුකාරයා

අද2015/1/8

අද නම් පට්ට අමාරු දවසක්..
උදේම gym එකට ගියා.ගෙදර ආවා..නාලා කාලා සුට්ටක් කොම්පූතරේ ළග හිටියා..එත කොටයි මේ ආරන්චිය ආවෙ..
අර අහවල් ඉස්කෝලෙ පැනල ගිය ගෑනු  ළමයට අන්තිමයිලු.අම්මට කළින් දුව මැරෙයි කියලලු හිතුවෙ..  ඒක අහපු ගමන් මගෙ හිතට අමුතුම දුකක් ආවා..මම වගේම A/l කරන ළමයෙක් නෙවැ.කෙල්ල ගැන කියනවානම් ඒකි පට්ට බ්‍රයිට්..rank එකක් ගන්න පුලුවන් කෙල්ලක්..තාත්තා කෙල්ලව ******* clz යන නිසා ඒ කෙල්ල බලාගන්න කියල bus එකක කොන්දොස්තර කෙනෙක්ට කියලා..අන්තිමට ඒ බල්ලා කෙල්ල එක්ක යාළුවෙලා..ඒකිව අරගෙන පැනලා ගිහින්..ඒක කමක් නෑ කියමුකො..මේ බල්ලට රට වටේ ගෑනු..කෙල්ලට 18යි අරූට 38යි..අන්තිමට ඒ අහිංසක කෙල්ල සමාජ රෝගියෙක්..කෙල්ලගෙ අක්කල දෙන්නම හොද job කරන්නෙ.එක්කනෙක් ඩොක්ට කෙනෙක්..ගොඩේ කෙල්ලෙකුත් නෙවේ..ඒ කෙල්ලගෙ අම්මත් දවස් 8කට උඩදි පිළිකාවකින් නැති උනා. මෙහෙම උනේ අම්මගෙ තාත්තගෙ වරදින්..අම්මලා තාත්තලා ළමයි ආරක්ෂා කරන්න ඕන...මේක මගේ අක්කලාට,නංගිලාට හොද ආදර්ශයක්.මගේ අක්කේ නංගියේ මොනම හේතුවක් නිසාවත් තමන්ගෙ වටිනාම සම්පත් කොල්ලෙකුට උදුරගන්ඩ දෙන්න එපා..සල්ලාලයෙක්ගෙ බොරුවලට රැවටිලා තමන්ගෙ ජීවිතේ කාලකන්නි කරගත්ත කෙල්ලො කොච්චර ඉන්නවද..කොල්ලො ඔයාල ඉස්සරහ හීන ලෝක පෙන්නනව.කවදාවත් රැවටෙන්න එපා..ඔයාලගෙ පිරිසිදුකම නැති උනාම කොල්ලට එපාවෙනවා..එතකොට ඌ ඔයාව දාලා යනවා..ඒක මගේ යාලුවන්ගෙ අඅත්දැකීම් වලින් මම දන්න දෙයක්..විශේශයෙන් A/l කරන්ඩ අලුතින් එන මගෙ නංගිලා තමා ඔයවගේ ඒවට පැටලෙන්නෙ..අනිත් එක තමා මගේ මල්ලිලා,අයියල හිතන්නේ කෙල්ලො අනාත කරන එක වීරකාමක් කියලනේ.ඒක වීරාකම නෙවේ පොන්නකම.තමන්ගෙ අම්මත් කෙල්ලක් වෙලා හිටිය කියලා මතක තියාගනිල්ලා.අසරණ් කෙල්ලන්ගෙ ජීවිත එක්ක කවමදාවත් සෙල්ලම් කරන්ඩ එපා..ඒවගෙ පව කවදහරි අපේ දරුවන් පිටින් හරියනවා..

Tuesday, January 6, 2015 | By: රස්තියාදුකාරයා

අද 2015/1/6

මගේ සූටි android පෝන් එක අතට අරන් ඔන්න පෝස්ට් එකක් කොටන්න ගත්තා..
දවස් ගාණකින් ලියන්ඩ ආවෙ නෑ නේ...
මට මේක ලියන්ඩ හිතුනෙ facebook එකේ එක එකා දාන post දැකලා. වෙන මුකුත් ගැන නෙවේ චන්දෙ ගැන.අනේ ඉතින්..
කළාකරුවොද මොනුන්ද උන් ටික පක්ෂ  වලට බෙදිලා කොරන ඒවා..ලැජ්ජයි..සමහර ගායකයො page වොල දාලා තියන ඒවා..කඩේ යන එකේ හොදම එකෙන් ගිහින්..ඒ මදිවට අපිවගේ චන්දෙ නැති උන් වැඩකට නැති post දදා කොරන විකාරවලට හිනා යනවා..පව් අෆ්ෆා..
මට නම් ඡන්දෙත් නෑ,මට ඕනිත් නෑ..hkz

Wednesday, December 31, 2014 | By: රස්තියාදුකාරයා

අද 2015/1/1

හැමෝටම සුභම සුභ නව වසරක්!!!!!!
මම අලුතින් මගේ කියල දින පොතක් පටන් ගත්තා.......
ඒකෙ ඉදිරියට මම මොනා ලියයිද කියලා දෙයියො තමා දන්නේ...මගෙ ජීවිතේ උනු,අනික් අයට ප්‍රයොජනවත් කියල හිතෙන හැමදේම,එදිනෙදා මම මූනදෙන අත්දැකීම් වගේ දේවල් ලියවෙයි කියල මම හිතනව .....